Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

23rd May 2025 20:49:52 Hours

සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් වෛද්‍ය සායනයක්

සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නිලන්ති විජේසූරිය මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාව වෙතින් සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී 2025 මැයි මස 21 දින වෛද්‍ය සායනයක් පැවැත්වීය.

1 බලකායේ බලකාධිපති සහ සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම් විජේසූරිය RWP RSP psc මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

මෙම වැඩසටහන තුළින් සන්නද්ධ බුද්ධි බලකා සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන් 150 දෙනෙකු සහ කරන්දෙණිය ප්‍රදේශවාසීන් වෙත පූර්ණ ශරීර පරීක්‍ෂාවන්, විශේෂඥ නිර්දේශ සහ අවශ්‍ය ඖෂධ ලබාගැනීම ඇතුළු වෛද්‍ය සහන හිමිවිය. බලපිටිය මූලික රෝහල් වෛද්‍ය කණ්ඩායමක සහයෝගය මත බෝ නොවන රෝග සහ බුලත් කොළ පරිභෝජනයේ අවදානම් පිළිබඳව දැනුවත් කිරීමක් ද මෙම වැඩසටහනට සමගාමීව සිදුකෙරිණි.

මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.