23rd May 2025 20:38:22 Hours
කොළඹ, ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වෙන ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ 80 වන මහසභා රැස්වීම සඳහා සහභාගි වන විදේශීය නියෝජිතයන්ගේ භාර්යාවන් වෙනුවෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් 2025 මැයි මස 21 දින තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදී.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය සහභාගි විය. මෙම වැඩසටහන අතරතුරදී, යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සංස්කෘතික කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලාංකික සංස්කෘතික සංගීත හා නර්තන අංගයන්වලින් මෙම වැඩසටහන වර්ණවත් කෙරිණි.
වැඩසටහන සමාප්තියේදී, සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් මෙම අවස්ථාව සඳහා පැමිණි විශේෂ ආරාධිත අමුත්තන් වෙත සමරු තිළිණ ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.