22nd May 2025 15:33:10 Hours
කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් 2025 මැයි මස 17 දින අනුරාධපුර, අභිමංසල - 1 සුවතා නිකේතනයේ සංචාරයක නිරතවිය.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ 53 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස් වික්‍රමරත්න RSP විසින් එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ යහපැවැත්ම සහ ප්‍රතිකාර කටයුතු පිළිබඳව සොයාබලන ලදී. අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු අනෙකුත් සාමාජිකයන් විසින් සියලුම රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කළහ.
මෙම අවස්ථාව සඳහා කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.