Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

22nd May 2025 15:35:49 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් නව නිවසක්

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දර්ශනී යහම්පත් මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාව වෙතින් ශ්‍රී ලංකා පාබල හමුදාව යටතේ සේවයේ නියුතු සිවිල් සේවක මහතෙකු වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවස 2025 මැයි මස 16 දින එම නිවාසලාභියා වෙත නිල වශයෙන් පවරාදෙනු ලැබීය.

1 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස්හි ශ්‍රම දායකත්වය සහ ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.