17th May 2025 09:22:42 Hours
වෙසක් පොහොය නිමිත්තෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉරේෂා පෙරේරා මහත්මියගේ මඟපෙන්වීම යටතේ එම බලකා සේවා වනිතා ශාඛාව මගින් 2025 මැයි මස 13 දින පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රය ඉදිරිපිටදී මඤ්ඤොක්කා, කොස්, කඩල සහ කිරි කෝපි දන්සලක් සංවිධානය කර තිබිණි. මෙම දන්සල සඳහා යුද සේවා ලේකම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් යූ.එල්.ජේ.එස් පෙරේරා RSP USP nps psc, එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්,
සෙසුනිලයන් සහ බැතිමතුන් සහභාගි වූහ.