18th May 2025 07:44:40 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මියගේ මඟපෙන්වීම හා අධීක්‍ෂණය මත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් 2025 මැයි මස 12 සහ 13 යන දෙදින යුද්ධ හමුදා මූලස්ථානයේ වෙසක් කලාපය අසල කඩල සහ කොස් දන්සලක් පවත්වන ලදී.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ උප සභාපතිනි ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මිය සහභාගි වූහ.
මෙම දන්සලට සමගාමීව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා (පුද්) සමාගම සමඟ එක්ව බෞද්ධාලෝක මාවතේ වෙසක් කලාපය නැරඹීමට පැමිණෙන බැතිමතුන් සඳහා කිරි තේ දන්සලක් පවත්වන ලද අතර, ඒ සඳහා 10,000 කට අධික පිරිසක් සහභාගී වූහ. තවද, ගංගාරාම වෙසක් කලාපය නැරඹීමට පැමිණෙන බැතිමතුන් සඳහා ද එවැනිම කිරි තේ දන්සලක් සංවිධානය කර තිබිණි.