Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

17th May 2025 21:48:29 Hours

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් කිරිබත් දන්සලක් පවත්වයි

වෙසක් සතියට සමගාමීව රත්නපුර සුමන සමන් දේවාල පරිශ්‍රයේදී 2025 මැයි මස 10 දින ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් කිරිබත් දන්සලක් පැවැත්වූ අතර එම කටයුතු සඳහා ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රෙජිමේන්තු අතිරේක භටපිරිස්හි අණදෙන සහ එම භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ආචාර්ය දිල්රුක්‍ෂි විමලරත්න මහත්මිය සහභාගි විය.

පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න RWP RSP, ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් මෙම වැඩසටහන සඳහා සහභාගි වූහ.