Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

17th May 2025 21:54:22 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අප්සරා පීරිස් මහත්මියගේ මඟපෙන්වීම යටතේ එම බලකා සේවා වනිතා ශාඛාව විසින් 2025 මැයි මස 09 දින ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී වියළි ආහාර සලාක ඇසුරුම් බෙදාදීමේ සහ මූල්‍යමය පරිත්‍යාග සිදුකිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

එම වැඩසටහනේදී, කොළඹ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපොලෙහි අනුග්‍රාහකත්වය මත සිවිල් සේවක මහතුන් 32 දෙනෙකු වෙත රු. 7,000.00 ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක ඇසුරුම් බෙදාදුන් අතර, ජපානයේ පැවති ජාත්‍යන්තර ටයිකොන්ඩෝ තරඟාවලියක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර සහභාගී වී ඉන් ජයග්‍රහණය කල කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ දියණියක වන නෙතුමිණි උමාෂා රත්සරණි මෙනවියට රු. 150,000.00 ක මූල්‍යමය පරිත්‍යාගයක් ද පිරිනමන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.