16th May 2025 10:36:46 Hours
ගාල්ල 'විරු කැකුළු' පෙර පාසලේ වාර්ශික ක්‍රීඩා උළෙල එම දරුවන්ගේ ක්‍රීඩා දක්ෂතා ප්‍රදර්ශනය කරමින් 2025 මැයි මස 09 දින ගාල්ල 2 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකා කඳවුරු පරිශ්‍රයේදී පැවැත්වූ අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගාල්ල විරු කැකුළු පෙර පාසල භාර යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකා අජන්තා ද සිල්වා මහත්මිය සහභාගි විය.
පෙර පාසලේ දරු දැරියන් විසින් එම උත්සව අවස්ථාවට පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා සහ 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා RSP ndu psc ජ්‍යෙෂ්ඨ නිලධාරීව උණුසුම් ලෙස පිළිගන්නා ලදී.
ක්‍රීඩා උත්සවය සඳහා පෙර පාසලේ සියලුම දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් විවිධ තරඟ ඉසව් සහ විනෝදාත්මක අංගයන් බොහොමයක් පවත්වන ලදී. ඒ අනුව තූර්ය වාදක සංදර්ශනයක්, සරඹ සංදර්ශනයක්, ධාවන තරඟ, Obstacle Game, Shooting Game, Cooking Game, Let's Save Trees, Fun Hockey Game, Play with Rings Game, Caterpillar Game, Crab Race, Beach Game, Fishing Game, and Sand Castle game ආදී ක්‍රීඩා ඉසව් සහ විනෝදාත්මක ක්‍රියාකාරකම් පවත්වන ලදී.
උත්සවයේ කටයුතු අවසන් කරමින් ත්‍යාග ප්‍රදානෝත්සවය සිදුකල අතර, මෙම අවස්ථාව නැරඹීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, සෙසුනිලයන් සහ දෙමාපියන් සහභාගි වූහ.