16th May 2025 10:51:18 Hours
උපකරණ මාස්ටර් ජෙනරාල් සහ විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එම්.ටී.අයි මහලේකම් WWV RWP RSP USP ndu psc ගේ මඟපෙන්වීම සහ විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි හංසිකා මහලේකම් මහත්මියගේ අධීක්‍ෂණය මත එම සේවා වනිතා ශාඛාව වෙතින් 2025 මැයි මස 13 දින එම රෙජිමේන්තු මූලස්ථානය ඉදිරිපිටදී රොටි දන්සලක් පවත්වන ලදී..
මෙම දන්සල සඳහා සිවිල් වැසියන් 1,600 කට ආසන්න පිරිසක් සහභාගි වූ අතර, මෙම අවස්ථාවට විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ..