16th May 2025 10:54:40 Hours
වෙසක් පොහෝ දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් 2025 මැයි මස 12 දින පනාගොඩ බෝධිරාජාරාම විහාරස්ථානය අභියසදී අයිස්ක්‍රීම් දන්සලක් පවත්වන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි මධුවන්ති අඹන්පොල මහත්මියගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භඨකාර්ය සම්පාදන ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඊ.එම්.ජි.ඒ අඹන්පොල සහභාගි විය.
මෙම වැඩසටහනේදී බැතිමතුන් වෙනුවෙන් අයිස්ක්‍රීම් 10,000 කට අධික ප්‍රමාණයක් බෙදාදෙනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.