Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

15th May 2025 15:29:19 Hours

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක්

11 රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ අනුග්‍රාහකත්වය මත තලෙයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි සෙල්වාරි ගම්මානයේ අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරන ලදී.

නව නිවස විවෘත කිරීමේ උත්සවය 2025 මැයි මස 10 දින පැවති අතර එහිදී, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වින්ධ්‍යා ප්‍රේමරත්න මහත්මිය සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc ගේ සුරතින් නව නිවස ප්‍රතිලාභීන් වෙත පවරාදෙනු ලැබීය.

නව නිවස විවෘත කිරීමේ උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගි වූහ.