Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

15th May 2025 15:37:56 Hours

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් වෙසක් සැමරුම් උත්සවයක්

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාව විසින් 2025 මැයි මස 12 දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ‘බී’ ගේට්ටුව පරිශ්‍රයේදී සිවිල් වැසියන් වෙනුවෙන් කොස් සහ කිරි තේ පැන් දන්සලක් පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරාල් සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වින්ද්‍යා ප්‍රේමරත්න මහත්මිය, එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.