Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

15th May 2025 15:43:58 Hours

පල්ලේකැලේ ‘විරු කැකුළු’ පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල සාර්ථකව අවසන්

පල්ලේකැලේ ‘විරු කැකුළු’ පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය 2025 මැයි මස 10 දින එම පෙරපාසල් පරිශ්‍රයේදී පැවති අතර එහිදී එම පෙරපාසල් ළමුන් විසින් තම ක්‍රීඩා කුසලතාවයන් සහ සෞන්දර්යාත්මක හැකියාවන් ප්‍රදර්ශනය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වන නිලූපා මහත්මිය සහභාගි විය.

මෙම උත්සවය වර්ණවත් කරමින් සරඹ සංදර්ශනයක් සහ තූර්ය වාදක සංදර්ශනයක් පැවති අතර, මෙහිදී පැවති ක්‍රීඩා ඉසව් සහ අනෙකුත් විනෝදාත්මක ක්‍රියාකාරකම් සඳහා එම පෙරපාසලේ ඉගෙනුම ලබන සියලුම දරු දැරියන් ඉතා උද්යෝගිමත්ව සහභාගි වූහ. උත්සවය අවසානයේදී, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ක්‍රීඩා ඉසව් සහ ක්‍රියාකාරකම් වල නියලුනු එම පෙරපාසල් දරු දැරියන් වෙත ත්‍යාග ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ කොඩිතුවක්කු RSP USP psc IG ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, පෙර පාසල් ගුරු භවතුන්, දෙමාපියන් සහ දරු දැරියන් රැසක් සහභාගි වූහ.