15th May 2025 15:47:14 Hours
වෙසක් පෝහොයට සමගාමීව විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව, එම රෙජිමේන්තු මධ්‍යස්ථානය සහ සියලුම විජයබාහු පාබල රෙජිමේන්තු බලඇණි ඒකාබද්ධව 2025 මැයි මස 12 දින මල්පිටිය හන්දිය පරිශ්‍රයේදී කඩල සහ අයිස්ක්‍රීම් දන්සලක් පවත්වන ලදී. මෙම වැඩසටහන විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දමයන්ති බණ්ඩාරනායක මහත්මියගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක USP ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.