Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

15th May 2025 15:50:37 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් වෙසක් සැමරුම් උත්සවයක්

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දුලාෂි මීපාගල මහත්මියගේ මඟපෙන්වීම මත 2025 මැයි මස 12 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී වෙසක් සැමරුම් උත්සවයක් පැවැත්විණි.

මෙම වැඩසටහන යටතේ භක්ති ගීත වැඩසටහනක් මෙන්ම සිනිසම්බල් බනිස් සහ කිරි තේ දන්සලක් ද පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් එම්.එස් දේවප්‍රිය USP ndc, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.