15th May 2025 16:02:43 Hours
වෙසක් පොහෝ දිනය වෙනුවෙන් ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අනූපමා රත්නායක මහත්මියගේ මඟපෙන්වීම මත එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව විසින් 2025 මැයි මස 12 දින පනාගොඩ, ඉංජිනේරු සේවා බලකා සුභසාධක වෙළඳසැල් පරිශ්‍රයේදී රොටි සහ තේ පැන් දන්සලක් පවත්වන ලදී.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර ndc psc සහභාගි විය.
දිනය පුරා පැවති මෙම දන්සල සඳහා 3,600 කට අධික සිවිල් වැසියන් පිරිසක් සහභාගි වූ අතර, මෙම අවස්ථාවට ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.