14th May 2025 16:12:24 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මියගේ මඟපෙන්වීම මත 5 (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුව යටතේ සේවයේ නියුතු කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ අවුරුදු තුනක් වයසැති දරුවෙකු වෙත Hip-Knee-Ankle-Foot Orthosis යන්ත්‍රයක් 2025 මැයි මස 09 දින පරිත්‍යාග කරනු ලැබීය.
තත් කොමිෂන් නොලත් නිලධාරි විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව උපතේදීම කොඳු ඇට පෙළේ ස්නායු නිසි ලෙස පිහිටා නොතිබීමේ රෝගී තත්ත්වයකින් පෙලෙන එම දරුවාගේ ශරීරයේ පහළ කොටසේ ක්‍රියාකාරිත්වය වෙනුවෙන් රාගම, යුද්ධ හමුදා සෘජුකාරක හා අංගාදේශක විකලාංග කාර්මිකාගාරය මඟින් නිෂ්පාදනය කරන ලද මෙම යන්ත්‍රය පරිත්‍යාග කරනු ලැබීය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.