14th May 2025 16:08:54 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් 2025 මැයි මස 08 දින අනුරාධපුර, හොරොව්පොතාන සුහදගම පාසලේ ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය කිරීම, සිසු සිසුවියන්ට පාසල් උපකරණ බෙදාදීම, දෙමාපියන්ට වියළි ආහාර පාර්සල් හා ගුරු භවතුන් වෙනුවෙන් ත්‍යාග පාර්සල් බෙදාදීමේ සහ දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමේ සුභසාධන වැඩසටහනක් පවත්වන ලදී.
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ මෙම උත්සව අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉරේෂා පෙරේරා මහත්මිය ද සහභාගි විය.
ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය විසින් පළමුව නවතමයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද පාසල් බුදුමැඳුර නැරඹූ අතර, පසුව ප්‍රතිසංස්කරණය කරන ලද උද්‍යානය, වැසිකිළි පහසුකම්, පුස්තකාලය සහ පන්ති කාමර නිරීක්‍ෂණය කරන ලදී. ඉන් අනතුරුව, සුහඳ තේ පැන් සංග්‍රහයක් පැවැත්වීමෙන් පසුව පාසල් සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් පැවති විවිධ ප්‍රසංගය අතරතුරදී ඔවුන් වෙත ත්‍යාග පාර්සල් ද පිරිනැමිණි.
211 පාබල බලසේනාවේ, 5 (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ සහ 2 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම සුභසාදන වැඩසටහන සාර්ථකව සිදුකිරීමට ලබාදුන් දායකත්වය ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මියගේ ඇගයීමට ලක්විය. මෙම උත්සව අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, ගුරු භවතුන්, සිසු සිසුවියන් සහ දෙමාපියන් පිරිසක් සහභාගි වූහ.