Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

09th May 2025 15:41:20 Hours

පනාගොඩ ‘විරු කැකුළු’ පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල සාර්ථකව පවත්වයි

පනාගොඩ ‘විරු කැකුළු’ පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය 2025 මැයි මස 08 දින ශ්‍රී ලංකා සංඥා බලකා ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සහ පෙර පාසල භාර ජ්‍යෙෂ්ඨ සාමාජිකා උදාරි අනුපමා ගමගේ මහත්මිය සහභාගි විය.

මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරිව එම පෙරපාසල් දුවා දරුවන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව වර්ණවත් තූර්ය වාදක සංදර්ශනයක් පැවැත්විණි. අනතුරුව, දුවා දරුවන් 195 දෙනෙකු සහ ගුරු භවතුන් 16 දෙනෙකුගේ සහභාගිත්වයෙන් විවිධ ක්‍රීඩා ඉසව් පැවැත්විණි.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ජයග්‍රාහකයින් වෙත ත්‍යාග ප්‍රදානය කෙරුණු අතර, මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සේවා වනිතා සාමාජිකාවන්, සෙසුනිලයන් සහ දෙමාපියන් පිරිසක් සහභාගි වූහ.