Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

08th May 2025 16:10:21 Hours

දියතලාව ‘විරු කැකුළු’ පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල සාර්ථකව පවත්වයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන දියතලාව ‘විරු කැකුළු’ පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය 2025 මැයි මස 08 දින එම පෙර පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි. උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිනී මෙන්ම එම ‘විරු කැකුළු’ පෙර පාසල භාර ජ්‍යෙෂ්ඨ සාමාජිකා දමයන්ති බණ්ඩාරනායක මහත්මිය සහභාගි වූවාය.

උත්සව අවස්ථාවට පැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක USP සහ දමයන්ති බණ්ඩාරනායක මහත්මිය එම පෙරපාසලේ දරු දැරියන් විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

එහිදී දරු දැරියන් විවිධ ක්‍රීඩා ඉසව් සඳහා සහභාගිවී තම දක්ෂතා ඉදිරිපත් අතර, එම තරඟ ඉසව් වලට සහභාගිවී ජයග්‍රහණය ලැබූ දරු දැරියන් වෙත ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ත්‍යාග ප්‍රදානය කරන ලදී. ක්‍රීඩා උත්සවය අවසානයේදී ප්‍රධාන ආරාධිත අමුතා විසින් අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද තබන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, සෙසුනිලයන් සහ දෙමාපියන් රැසක් සහභාගි වූහ.