08th May 2025 16:06:42 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මියගේ මඟපෙන්වීම යටතේ රාගම, රණවිරු සෙවණ සහ අත්තිඩිය, මිහිඳු සෙත් මැදුර යන සුවතා නිකේතනයන්හි ප්‍රථිකාර ලබන රණවිරුවන් 41 දෙනෙකුගේ දරුවන් 62 දෙනෙකු සඳහා පාසල් පොත්, පාසල් බෑග්, ලිපි ද්‍රව්‍ය සහ පාසල් පාවහන් වවුචර් බෙදා දීමේ වැඩසටහනක් 2025 අප්‍රේල් මස 30 දින පවත්වනු ලැබීය.
මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා රණවිරු සේවා සහ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.එස්.ආර් විජේදාස WWV RSP USP ndc psc, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගි වූහ.