08th May 2025 16:10:21 Hours
මැනිං ටවුන් ‘විරු කැකුළු’ පෙරපාසලේ ඉගෙනුම ලබන දරු දැරියන්ගේ ක්‍රීඩා කුසලතා සහ සෞන්දර්ය කුසලතා එළිදැක්වීමේ අරමුණින් පවත්වනු ලැබූ වාර්ෂික ක්‍රීඩා උළෙල 2025 මැයි මස 02 දින එම පෙර පාසල් ක්‍රීඩාපිටියේදී පැවැත්වූහ.
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ලේකම් සහ මැනිං ටවුන් විරු කැකුළු පෙර පාසල භාර ජ්‍යෙෂ්ඨ සාමාජිකා සුරංගි අමරපාල මහත්මිය ද සහභාගි විය.
උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මියව එම පෙර පාසල් දරු දැරියන් විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
ක්‍රීඩා උත්සවය සඳහා සහභාගි වූ දරු දැරියන් තූර්ය වාදක සංදර්ශනයක්, lollipop game, balancing game, obstacle game, fun game, moving cupcake, fun with cones ආදී ක්‍රීඩා ඉසව් සහ විනෝදාත්මක ක්‍රියාකාරකම් සඳහා සහභාගි වූහ.
විනෝදාස්වාදයෙන් පිරීගිය ක්‍රීඩා උත්සවය අතරතුර දරු දැරියන් විසින් ඉදිරිපත් කරනු ලැබූ සරඹ සහ තූර්ය වාදක සංදර්ශනය මඟින් එම උත්සවය වඩාත් අලංකාරවත් විය. අවසානයේදී තරඟ ඉසව් සඳහා සහභාගි වූ දරු දැරියන් වෙත ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය විසින් ත්‍යාග ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, නිලධාරින්, පෙර පාසල් ගුරුවරුන්, දෙමාපියන් සහ දරු දැරියන් සහභාගි වූහ.