Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

06th May 2025 16:54:32 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාව වෙතින් අලුත් අවුරුදු සැමරුම් උත්සවයක්

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අප්සරා පීරිස් මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාව වෙතින් 2025 අප්‍රේල් මස 30 දින ස්ටැන්ලි ජෑන්ස් ක්‍රීඩාංගණයේදී සිංහල හා දමිළ අලුත් අවුරුදු සැමරුම් උත්සවය පැවැත්වීය.

මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භඨකාර්ය සම්පාදන ආඥාපති සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ටී.ඒ පීරිස් ptsc සහභාගි විය.