Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

05th May 2025 20:28:29 Hours

ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ දුවා දුරුවන් වෙත ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් ත්‍යාග පාර්සල් පිරිනමයි

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අනුපමා රත්නායක මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාව වෙතින් 2024 වසරේ පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ ඉංජිනේරු සේවා බලකායේ සාමාජිකයන්ගේ දුවා දරුවන් ඇඟයීමට ලක්කිරීමේ අරමුණින් 2025 අප්‍රේල් මස 27 දින 4 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තු පරිශ්‍රයේදී විශේෂ වැඩසටහනක් පැවැත්වීය.

මෙම වැඩසටහන අතරතුරදී, දුවා දරුවන් 180 දෙනෙකුගේ අධ්‍යාපන කටයුතු තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් පාසල් උපකරණ පරිත්‍යාග කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ඉංජිනේරු සේවා බලකා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.