05th May 2025 20:30:13 Hours
කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාව වෙතින් කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ සේවයේ නියුතු සෙසුනිලයන් සහ සිවිල් සේවක මහත්වරුන්ගේ භාර්යාවන් ඇඟලුම් කර්මාන්ත ආරම්භ කිරීමට සහ කළමනාකරණය කිරීමට දිරිගැන්වීමේ අරමුණින් කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2025 අප්‍රේල් මස 27 දින ඇඟලුම් ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහනක් පවත්වන ලදී.
Festal Enterprises ආයතනයේ සභාපතිනි රොෂානි දිසානායක මහත්මිය සහ ඇයගේ විශේෂඥ කණ්ඩායම විසින් මෙම පුහුණු වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙම වැඩසටහන සඳහා කමාන්ඩෝ රෙජිමේන්තු සාමාජිකයන්ගේ සහ සිවිල් සේවක මහත්වරුන්ගේ භාර්යාවන් 70 දෙනෙකු සහභාගි වූහ.