05th May 2025 20:32:02 Hours
ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් 2025 මැයි මස 01 දින රණක්‍ෂිතයට පත්ව ප්‍රතිකාර ලබමින් සිටින වීරෝදාර රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමේ අරමුණින් කඹුරුපිටිය, අභිමංසල - II සුවතා නිකේතනයේ සංචාරයක නිරතවිය.
මෙම සංචාරය අතරතුරදී, එම සේවා වනිතා ශාඛාව වෙතින් රු. 50,000.00 ක වටිනාකමකින් යුත් රූපවාහිනි යන්ත්‍රයක් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු ත්‍යාග පාර්සල් ද එම රණවිරුවන් වෙත පිරිනැමිණි. සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් සුවතා කටයුතුවල නිරත රණවිරුවන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් සහ භෝජන සංග්‍රහයක් පිරිනැමීමෙන් අනතුරුව විනෝදාත්මන වැඩසටහනක් පැවැත්වීය. පසුව, එම රණවිරුවන් සමඟින් සමූහ ඡායාරූපයක් ද ගනු ලැබීය.
මෙම සංචාරය සඳහා පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න RWP RSP, ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.