30th April 2025 15:42:14 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉඳුනිල් ජයකොඩි මහත්මියගේ මඟපෙන්වීම යටතේ 2025 අප්‍රේල් මස 25 දින නෙළුන්දෙණිය වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 22 දෙනෙකු සඳහා පරිත්‍යාග වැඩසටහනක් පවත්වනු ලැබීය.
මෙම වැඩසටහන අතරතුරදී, රාත්‍රී භෝජන සංග්‍රහයක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ භාවිතය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාගයක් සිදුකල අතර, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කැලිප්සෝ වාදක කණ්ඩායම විසින් ඔවුන් වෙනුවෙන් සංගීත රසාස්වාදය ද ලබාදෙන ලදී.
වැඩසටහන අවසානයේදී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව මගින් එම වැඩිහිටි නිවාසයේ සුභසාධන පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය. මෙම අවස්ථාවට එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.