24th April 2025 10:16:16 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාව මඟින් 2025 අප්‍රේල් මස 17 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරි කරනු ලබන නිලධාරින් සහ සෙසුනිලයන් 250 දෙනෙකු වෙනුවෙන් ත්‍යාග පාර්සල් බෙදාදෙනු ලැබීය.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භඨකාර්ය සම්පාදක ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායෙහි කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඊ.එම්.ජී.ඒ අඹන්පොල සමඟින් එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි මධුවන්ති අඹන්පොල මහත්මිය මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වූහ.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.