Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

22nd April 2025 09:13:27 Hours

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව 2025 වසර සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සවය සමරයි

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාව එක්ව පනාගොඩ, මේජර් ජෙනරල් ග්‍රේෂන් සිල්වා ක්‍රීඩාංගණයේදී සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සවයක් 2025 අප්‍රේල් මස 05 දින සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරාල් සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP psc, සමඟින් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වින්ද්‍යා ප්‍රේමරත්න මහත්මිය ද සහභාගි විය.

මෙම අවුරුදු උත්සවයට කොට්ටා පොර, වාසනා මුට්ටිය බිදීම, කඹ ඇදීම, බනිස් කෑම, බැලූන් පිපිරවීම වැනි තරඟයන්, සාම්ප්‍රදායික ජන ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් ඇතුළත් වූහ.

අවුරුදු උත්සව භූමියේ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාව විසින් සංවිධානය කරන ලද වෙළඳ ප්‍රදර්ශන කුටි මගින් සහභාගීවූවන් සඳහා විවිධ භාණ්ඩ හා නිෂ්පාදනයන් මිලදී ගැනීමට ද හැකි විය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, සිවිල් සේවක කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගි වූහ.