Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

19th April 2025 09:35:02 Hours

සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් තේ පැන් සංග්‍රහයක් සහ මූල්‍යාධාර ප්‍රදානයක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් 2025 අප්‍රේල් මස 17 දින යුද්ධ හමුදා මූලස්ථාන සේවා වනිතා ඒකක කාර්යාලයේදී විශේෂ තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදී.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය සහභාගි වූවාය.

සාම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීමෙන් අනතුරුව උත්සවයේ කටයුතු ආරම්භ විය.

උත්සවය අතරතුරදී යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් සෙසුනිලයන් තිදෙනෙකු වෙත නව නිවාස ඉදිකිරීම සඳහා රු. 400,000.00 බැගින් ද, අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාසවල ඉදිකිරීමේ කටයුතු සඳහා සෙසුනිලයන් පස් දෙනෙකු වෙත රු. 300,000.00 බැගින් සහ අර්ධ වශයෙන් ඉදිකරන ලද සිවිල් සේවක මහතෙකුගේ නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා රු. 200,000.00 බැගින් වූ මූල්‍යමය ප්‍රදානයන් පිරිනමන ලදී.

එසේම, පෙර මාසික රැස්වීමේදී, පළමු අදියර වශයෙන් නව නිවාස සහ අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාස වෙනුවෙන් සෙසුනිලයන් පස් දෙනෙකු වෙත මූල්‍යමය ආධාර පිරිනැමූ අතර, එහි දෙවන අදියර ලෙස, මෙහිදී නව නිවසක් ඉදිකිරීම සඳහා එක් සෙසුනිලයෙකුට රුපියල් 200,000.00 බැගින් සහ අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාස ඉදිකරගෙන යාම සඳහා සෙසුනිලයන් තිදෙනෙකු වෙත රුපියල් 150,000.00 බැගින් වූ මූල්‍යමය ප්‍රදානයන් පිරිනමන ලදී.

මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන් සහභාගි වූහ.