Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

18th April 2025 18:57:34 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සුමංගලී පතිරවිතාන මහත්මියගේ මඟ පෙන්වීම යටතේ එම සේවා වනිතා ශාඛාව විසින් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2025 අප්‍රේල් මස 05 දින පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.

වැඩසටහන අතරතුරදී, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවෙහි රාජකාරි කරනු ලබන සෙසුනිලයන් සිව්දෙනෙකුගේ පිළිකා රෝගයෙන් පෙළෙන දරුවන් දෙදෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාර සඳහා රුපියල් 100,000.00 බැගින් ද, විශේෂ අවශ්‍යතා ඇති දරුවන් දෙදෙනෙකු සඳහා රුපියල් 25,000.00 බැගින් රුපියල් 250,000.00 ක මූල්‍යමය ප්‍රදානයන් සිදුකරන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගී වූහ.