Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

17th April 2025 11:28:40 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 2025 වාර්ෂික සැලැස්මට අනුව රාගම, රණවිරු සෙවණ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සංචාරයක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 2025 වාර්ෂික සැලැස්මට අනුව ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රියංග වික්‍රමසිංහ මහත්මිය සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc රාගම, රණවිරු සෙවණ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිල සංචාරයක නිරතවිය.

මෙම සංචාරය අතරතුරදී, එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙත කෙටි ආහාර සහ තේ පැන් සංග්‍රහයක් පිරිනැමීය.

එමෙන්ම, එම රණවිරුවන්ගේ පුද්ගලික භාවිතය සඳහා අත්‍යවශ්‍ය සනීපාරක්‍ෂක ද්‍රව්‍ය අඩංගු ත්‍යාග පාර්සල් පරිත්‍යාගයක් ද සිදුකෙරිණි.

රණවිරු සෙවණ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පරිපාලන හා පුනරුත්ථාපන කටයුතු සඳහා සහයෝගය දැක්වීමේ අරමුණින් පරිගණකයක් ද එම මධ්‍යස්ථානය වෙත පරිත්‍යාග කරන ලදී.