15th April 2025 14:00:44 Hours
ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් 2025 අප්‍රේල් මස 10 දින පනාගොඩ, යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල් පරිශ්‍රයේදී සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්වීය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති සමඟින් ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය සහභාගි වූහ.
සංගීත පුටු තරඟය, විවිධ ඇඳුම් තරඟය, බනිස් කෑම, අලියාට ඇස තැබීම, බැලූන් පිපිරවීම මෙන්ම ළමුන් වෙනුවෙන් ද වෙන් වූ තවත් විනෝදාස්වාද ක්‍රීඩා ඉසව් රැසක් මෙම අලුත් අවුරුදු උත්සවය අතරතුර පැවැත්විණි.
මෙම අලුත් අවුරුදු උත්සවයට සමගාමීව, සහල්, පළතුරු, එළවළු, ඇඳුම් පැළඳුම්, රසකැවිලි සහ ගෘහ භාණ්ඩ අලෙවි කරන කුටි ඔස්සේ අත්‍යවශ්‍ය භාණ්ඩ සාධාරණ මිල ගණන් යටතේ යුද්ධ හමුදා සාමාජිකයන්ට මිලදී ගැනීම සඳහා විශේෂ අලුත් අවුරුදු පොළක් ද පැවැත්විණි.