13th April 2025 18:27:46 Hours
සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුමට සමගාමීව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් 2025 අප්‍රේල් මස 11 දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත වියළි ආහාර සලාක පාර්සල් 530 ක් බෙදාදෙනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය විසින් එම වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙන ලදී.
ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.