Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

10th April 2025 13:02:16 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සාමාජිකයන්ගේ මාස හයකට අඩු දුවා දරුවන් වෙනුවෙන් ඉතුරුම් ගිණුම් ආරම්භ කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් එම රෙජිමේන්තුව යටතේ සේවයේ නියුතු සාමාජිකයන්ගේ මාස හයකට අඩු දුවා දරුවන් වෙනුවෙන් ඉතුරුම් ගිණුම් ආරම්භ කිරීමේ වැඩසටහනක් 2025 මාර්තු මස 29 දින ක්‍රියාත්මක කරන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි මධුවන්ති අඹන්පොල මහත්මියගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහනක ක්‍රියාත්මක කෙරිණි.