08th April 2025 15:41:54 Hours
2025 සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් දියතලාව, විරුකැකුළු පෙර පාසල වෙතින් 2025 අප්‍රේල් මස 07 දින එම පෙරපාසල් ක්‍රීඩාංගණයේදී ‘සිඟිති අලුත් අවුරුදු උළෙල’ පැවැත්වීය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක USP සමඟින් දියතලාව, විරුකැකුළු පෙර පාසල භාර ජ්‍යෙෂ්ඨ සාමාජිකා දමයන්ති බණ්ඩාරනායක මහත්මිය සහභාගි වූහ.
උත්සවය අතරතුරදී, පෙරපාසල් දරු දැරියන් විසින් වර්ණවත් රංගනයන් සහ සාම්ප්‍රදායික ක්‍රීඩා ඉසව් ඉදිරිපත් කරන ලදී. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් විසින් දරු දැරියන් වෙත ත්‍යාග පාර්සල් ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, පෙරපාසල් කාර්යය මණ්ඩලය, ගුරු භවතුන් සහ දෙමාපියන් රැසක් සහභාගි වූහ.