06th April 2025 14:59:10 Hours
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව සංස්කෘතික හා සාමාජීය බැදීම් පුබුදුවීම උදෙසා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මියගේ උපදෙස් සහ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරනු ලැබූ ‘විරු ප්‍රතිභා - 2025’ සංගීත හා සංස්කෘතික ප්‍රසංගය 2025 මාර්තු මස 30 දින නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි. රණවිරුවන්ගේ, සිවිල් සේවක කාර්යය මණ්ඩල සාමාජිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ විනෝදාස්වාදය උදෙසා මෙම සංගීත හා සංස්කෘතික ප්‍රසංගය පවත්වනු ලැබීය.
මෙම අවස්ථාවට පැමිණි සම්භාවනීය අමුත්තන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් වී.බී එදිරිසිංහ WWV RWP RSP and three Bars USP fndu (China) psc qhi, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ක්‍රිෂාන්ති එදිරිසිංහ මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් ජනතාව ඇතුළු 5,000 කට අධික පිරිසක් මෙම සංගීත හා සංස්කෘතික ප්‍රසංගය නැරඹීමට සහභාගී වූහ.
මෙම ප්‍රසංගයේදී මෙරට කීර්තිමත් ගායන ශිල්පීන් පිරිසකගේ විචිත්‍රවත් වු ගායන හැකියාවෙන් පැමිණ සිට ප්‍රේක්‍ෂකයින් ආකර්ෂණය කරගත් අතර, යුද්ධ හමුදා තූර්ය වාදක සහ රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන යුද්ධ හමුදා සංගීත කණ්ඩායම මෙම ප්‍රසංගය සංගීතවත් කරන ලදී. එසේම යුද්ධ හමුදා නර්ථන කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද විචිත්‍රවත් වූ සහ ආකර්ෂණීය නර්තනයන් මඟින් ‘විරු ප්‍රතිභා - 2025’ සංගීත හා සංස්කෘතික ප්‍රසංගය වර්ණවත් විය.