Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

03rd April 2025 08:38:18 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් රූපලාවන්‍ය වැඩමුළුවක්

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාව වෙතින් 2025 මාර්තු මස 23 දින රොක් හවුස් කඳවුරු පරිශ්‍රයේ පිහිටි සෙසුනිල භෝජනාගාර පරිශ්‍රයේදී වාර්ෂික මහසභා රැස්වීම පැවැත්වූ අතර, එහිදී බ්‍රිතාන්‍ය රූපලාවන්‍ය වෘත්තිකයන්ගේ සහභාගීත්වයෙන් රූපලාවන්‍ය වැඩමුළුවක් ද පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දුලාෂි මීපාගල මහත්මිය සහභාගි විය. මෙම අවස්ථාවට සියලුම විධායක කමිටු සාමාජිකාවන් සහ එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් පිරිසක් සහභාගි වූහ.