Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

05th April 2025 13:50:43 Hours

රණක්‍ෂිතයට පත් රණවිරුවන් පිරිසක් යාපනය අර්ධද්වීපයේ සංචාරයක

රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මඟ පෙන්වීම යටතේ, යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්හි ප්‍රතිකාර ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවන් පිරිසක් 2025 මාර්තු මස 24 දින සිට 26 දින දක්වා යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත වූහ.

එම රණවිරුවන් කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දුම්රිය ස්ථානය දක්වා දුම්රියෙන් ගමන් කළ අතර, පැමිණි එම පිරිස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය සහ එම ඒකකයේ සාමාජිකාවන් විසින් පිළිගැනීමෙන් පසුව ඔවුන් වෙත තේ පැන් සංග්‍රහයක් පිරිනමන ලදී.

පසුව ඔවුන් යාපනය ප්‍රදේශයේ ප්‍රසිද්ධ ස්ථාන නැරඹීම සඳහා සංචාරයේ නිරත විය. එම පිරිස වෙත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් තල්සෙවන නිවාඩු නිකේතනයේ දී දිවා ආහාරය ලබාදුන් අතර, එහිදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, ඔවුන් සමඟින් සුහදව අදහස් හුවමාරු කර ගත්හ.

සංචාරය අවසානයේදී, යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය එම රණවිරුවන් වෙත සිහිවටනයන් ප්‍රදානය කළහ.