28th March 2025 21:19:08 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දර්ශනී යහම්පත් මහත්මියගේ මඟ පෙන්වීම යටතේ, 2025 මාර්තු මස 16 දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ‘සෙබල බිරිඳක් ලෙස අභිමානවත්ව පවුල් ජීවිතය කළමනාකරණය කොට පවත්වාගෙන යෑම’ යන තේමාව යටතේ දේශනයක් පවත්වනු ලැබීය.
මූලස්ථාන ප්‍රජා පොලිස් කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මනෝජ් සමරසේකර මහතා විසින් මෙම දේශනය පවත්වන ලදී. දේශනයෙන් අනතුරුව එම රෙජිමේන්තුවේ රාජකාරි කරනු ලබන සිවිල් සේවක කාර්යය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු සඳහා වෛද්‍ය සහ මූල්‍ය පරිත්‍යාගයක් ද සිදුකරනු ලැබීය.