Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

26th March 2025 08:15:37 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි කල්‍යාණි විජේරත්න මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාව වෙතින් 2025 මාර්තු මස 22 දින යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේදී පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන අතරතුරදී, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සාමාජිකයන්ගේ දුවා දරුවන් 8 දෙනෙකුගේ ප්‍රථම උපාධිය සම්පූර්ණ කරන තෙක් වාර්ෂිකව රුපියල් 50,000 ක ශිෂ්‍යාධාර හිමිගන්වනු ලැබීය.

එමෙන්ම, ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, ආචාර්ය ජයාන් මෙන්ඩිස් මහතා ‘කෝපය හා ආතතිය පාලනය කරගැනීම’ තේමාව ඔස්සේ හරවත් දේශනයක් පැවැත්වීය.

මෙම අවස්ථාව සඳහා නිලධාරින් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් පිරිසක් සහභාගි වූහ.