Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

21st March 2025 14:24:16 Hours

නෙස්ලේ පුද්ගලික සමාගම විසින් එහි නිශ්පාදනයන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙත පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය පිළිගත් වෙළද ආයතන සහ සමාජ සේවා සංවිධාන සමඟ එක්ව රණවිරුවන්ට, රණවිරු පවුල්වල සාමාජිකයන්ට සහ සිවිල් වැසියන්ට විවිධ සුභසාධන වැඩසටහන් සිදුකරනු ලබයි.

ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc ගේ සම්බන්ධීකරණයෙන් නෙස්ලේ පුද්ගලික සමාගම විසින් 2025 මාර්තු මස 19 දින සුභසාධන වැඩසටහන් සඳහා මැගී නූඩ්ල්ස් ඇසුරුම් 7200 ක් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙත පරිත්‍යාග කරන ලදී.

මෙම පරිත්‍යාග වැඩසටහන යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්විණි.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා විධායක ජෙනරාල්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ කර්නල් (සම්බන්ධීකරණ) සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.