Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

21st March 2025 14:28:27 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් පරිගණක පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මියගේ මඟ පෙන්වීම යටතේ, 2025 මාර්තු මස 19 දින එම කාර්යාලයේදී පරිගණක පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පැවැත්විණි. රාජකාරින් සිදුකිරීමේදී මුහුණ දීමට සිදුවන තාක්‍ෂණික අභියෝගයන් හමුවේ නිලධාරින් සහ සෙසුනිලයන්ගේ එම රාජකාරි කාර්යක්‍ෂමතාවය වැඩි දියුණු කිරීම මෙම පරිත්‍යාග වැඩසටහනේ අරමුණ විය.

එහිදී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ප්‍රධාන කාර්යාලයේ භාවිතය සඳහා මෙන්ම එම ඒකකය යටතේ පාලනය වන අංශ/ ආයතනයන්හි සහ විරුකැකුළු පෙර පාසල් සඳහා පරිගණක 08 ක්, මුද්‍රණ යන්ත්‍ර 02 ක් සහ ස්කෑනර් යන්ත්‍ර 02 ක් බෙදා දෙන ලදී.