Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

21st March 2025 14:30:18 Hours

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවෙන් ගැබිණි මව්වරුන් සඳහා පරිත්‍යාග වැඩසටහනක්

ගැමුණු හේවා බලකායේ 37 වන සංවත්සරයට සමගාමීව, එම බලකායේ රාජකාරියෙහි නියුතු රණවිරුවන්ගේ ගර්භනී භාර්යාවන් සහ වෙනත් රෙජිමේන්තු වලට අයත් මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි රාජකාරි කරනු ලබන ගර්භනී කාන්තා සෙබළියන් සඳහා අතාවශ්‍ය භාන්ඩ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 මාර්තු මස 19 දින ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

එහිදී, සේවා වනිතා ශාඛාව මගින් එම ගැබිණි මව්වරුන් සඳහා රු. 10,000.00 බැගින් වටිනා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇසුරුම් පරිත්‍යාග කළ අතර, ඉන් අනතුරුව තේ පැන් සංග්‍රහයක් ද පවත්වන ලදී.

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ආචාර්ය දිල්රුක්‍ෂි විමලරත්න මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම අවස්ථාවට එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් ද සහභාගී වූහ.