19th March 2025 16:07:51 Hours
විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අනෝජා පීරිස් මහත්මියගේ මඟපෙන්වීම මත 2025 මාර්තු මස 13 දින විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
විශේෂ බලකා සේවා වනිතා ශාඛාව සහ සේනක පදනම එක්ව විශේෂ බලකා භටපිරිස්හි වෛද්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් සහ අසාධ්‍ය රෝගී තත්ත්වයකින් පෙළෙන ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ භාර්යාවකගේ ප්‍රයෝජනය වෙනුවෙන් සනීපාරක්‍ෂක පහසුකම් කට්ටලයක් පරිත්‍යාග කරනු ලැබූහ.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - (වන්නි) සහ විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් RWP RSP ndc සහභාගි විය.