18th March 2025 16:57:51 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය 2025 මාර්තු මස 15 දින යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් කළමනාකරණය කරනු ලබන දියතලාව, ගැරිසන් සුභසාධන වෙළඳසැල, 8 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා යෝගට් ව්‍යාපෘතිය සහ විරු කැකුළු පෙර පාසලේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ අරමුණින් එම පරිශ්‍රයන්හි සංචාරයක නිරතවිය.
මෙම සංචාරය අතරතුරදී, එම ස්ථානයන්හි ප්‍රවර්ධනය වෙනුවෙන් අවශ්‍ය මඟපෙන්වීම් ලබාදුන් අතර රජයේ ‘ක්ලීන් ශ්‍රී ලංකා‘ වැඩසටහනට සමගාමීව ක්‍රියාකාරකම් සිදුකිරීම පිළිබඳව ද එහිදී අවධාරණය කළාය. මෙම සංචාරය අතරතුරදී, විරුකැකුළු පෙර පාසලේ සේවයේ නියුතු සිවිල් සේවක මහතෙකුගේ දරුවෙකුගේ අධ්‍යාපන කටයුතු සඳහා සහයෝගය දක්වමින් පාසල් උපකරණ අඩංගු ත්‍යාග පාර්සලයක් ද පරිත්‍යාග කෙරිණි.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ කර්නල් සම්බන්ධීකරණ, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.