17th March 2025 14:02:51 Hours
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාව විසින් එම රෙජිමේන්තුවෙහි භටපිරිස්හි සහ සිවිල් සේවක මහතුන්ගේ පවුල් සඳහා වෛද්‍ය සේවාවන් සහ සුභසාධන කටයුතු වැඩිදියුණු කිරීමේ අරමුණින් 2025 මාර්තු මස 09 දින පනාගොඩ, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා කාර්යාලයේදී වෛද්‍ය සායන කඳවුරක් සංවිධානය කරන ලදී.
මෙම වෛද්‍ය සායන කඳවුරේදී වෛද්‍ය උපදේශනය, විශේෂිත අක්‍ෂි හා දන්ත සායන, ECG, FBC සහ කොලෙස්ටරෝල් පරීක්‍ෂාවන් සිදුකරනු ලැබූහ. ඒ සඳහා පනාගොඩ සහ නාරාහේන්පිට යුද්ධ හමුදා මූලික රෝහල්හි යුද්ධ හමුදා වෛද්‍ය නිලධාරින් මෙන්ම සිවිල් වෛද්‍ය නිලධාරින් ද ස්වේච්ඡාවෙන් සිය සේවාවන් ලබාදුන්හ.
වැඩසටහන අවසානයේදී සහභාගි වූ සියලුම දෙනා වෙත දිවා ආහාර වේලක් සහ ත්‍යාග ප්‍රදානය කරනු ලැබීය.