17th March 2025 14:07:17 Hours
කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මියගේ මඟපෙන්වීම යටතේ එම සේවා වනිතා ශාඛාව විසින් 2025 පෙබරවාරි මස 26 දින දියවැඩියා නිවාරණ වැඩසටහන සංවිධානය කරන ලදී.
යුද්ධ හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අතර දියවැඩියා රෝගය වැළඳීමේ අවදානම අවම කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් සුව දිවිය පදනමෙහි වෛද්‍ය චමරි පණ්ඩිතගේ ඇතුළු වෛද්‍ය කණ්ඩායම විසින් මෙම වැඩසටහන පවත්වන ලදී. එහිදී සෞඛ්‍ය සම්පන්න ජීවන රටා වෙනස්කම් කල්තියා හදුනාගැනිම තුළින් සෞඛ්‍ය වැඩිදියුණු කිරිම කෙරෙහි අවධානය යොමු කරන ලදී.