Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

17th March 2025 14:13:12 Hours

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ සංචාරයක

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අනුපමා රත්නායක මහත්මියගේ මඟපෙන්වීම යටතේ එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ (NIMH) 2025 මාර්තු මස 14 දින සංචාරයක නිරත වූහ.

මෙම සංචාරය අතරතුදී, රෝගීන් සඳහා විශේෂ දිවා ආහාර වේලක් ලබා දුන් අතර, තවද ඔවුන්ට අත්‍යවශ්‍ය සනීපාරක්‍ෂක නිෂ්පාදන සහිත තෑගි පාර්සල් ද පරිත්‍යාග කරන ලදී. අනතුරුව, එම රෙජිමේන්තු කැලිප්සෝ සංගීත කණ්ඩායම විසින් රෝගීන්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් සංගීත වැඩසටහනක් පවත්වන ලදී.